ජනපතිගේ ප්‍රකාශයට සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාර

ජනපතිගේ ප්‍රකාශයට සාලිය පීරිස්ගෙන් ප්‍රතිචාර

ජනපති පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බවයි.

2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

COMMENTS