නිවාස අඩස්සියේ රඳවා තැබීමට නව නීති හඳුන්වාදීමට සැරසෙයි

නිවාස අඩස්සියේ රඳවා තැබීමට නව නීති හඳුන්වාදීමට සැරසෙයි

රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට විකල්පයක්ක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නීතිමය විධිවිධාන හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සහ බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවල සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට නීති ප්‍රතිපාදන හඳුන්වාදීමට අදාළව නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මීට පෙර පත්කර තිබුණා.

එම නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මත පදනම්ව ඊට අදාළ යෝග්‍ය නීති හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය දීර්ඝකාලීන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බැවින් ඊට පිළියමක් ලෙස අදාළ තීරණය ගැනීමට නියමිතයි.

COMMENTS