ජනපතිගෙන් දැනුම්දීමක්

ජනපතිගෙන් දැනුම්දීමක්

අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරන්ට දැනුම් දී තිබෙනවා.

ඒ බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමටයි.

ඔහිය ප්‍රදේශයේ සිදු කර තිබෙන ඉදිකිරීම් හේතුවෙන් ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බවට තමාට නිරීක්ෂණය වූ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එම අදහස් පළ කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

වසර 03ක් නතර වී තිබූ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනපති වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS