දිවයිනට එන රට බිත්තර

දිවයිනට එන රට බිත්තර

උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් අද (17) දිනයේ දී දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ මාස 04ක කාලයක් සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර හිමිවීමත් සමඟයි.

අද දිනයේ සතොස ආයතන වෙත ආනයනය කළ තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් නිකුත් කිරීමට නියමිතයි.

දෙසැම්බර් මුලදී රුපියල් 40ත් 50ත් අතර මිලකට පැවතුනා.

අද වන විට වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතරයි.

මෙලෙස ආනයනය කළේ පවතින මිල අඩු කරන ලෙසට නිෂ්පාදකයින් වෙත අමාත්‍යවරයා දැනුම් දීම් සිදු කළ ද එය සිදු නොවීමත් සමඟයි.

COMMENTS