ජිවිතයක් නැසූ බිහිසුණ අනතුර

විභාග දෙපාර්තමේන්තු පරිශ්රයේ දී සිදු වූ බිහිසුණු අනතුරකින් සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව වුණා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර පරදූව ප්රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක්.
විභාග දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක් එම පරිශ්රයේ සිට පිටතට යාම සඳහා ගමන්කරමින් තිබිය දී ප්රධාන ගේට්ටුව අසළ මුරකුටියේ වැදීමෙන් මෙම අනතුර සිදුවුණා.
රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
ලොරි රථයේ තිරිංග අක්රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර,තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

