ISIS 8ක් ඉන්දියාවේදී අල්ලයි
ඉන්දියාව පුරා පිපිරවීම් කිහිපයකට සූදානම් වූ ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක ත්රස්තවාදීන් 8 දෙනෙකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවය.
මුම්බායි, පූනේ, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි යන ප්‍රදේශවල ස්ථාන 19ක් ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමේදී මෙම ත්‍රස්ත කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී ඔවුන්ගේ ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම ඇතුළත් ලිපි ලේඛන ද එරට ආරක්ෂක අංශ විසින් සොයාගැනීමට සමත්ව තිබේ.
එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ තියුණු ආයුධ, ආයුධ, ඩිජිටල් උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවය.