විරෝධ කළාට පාර්ලිමේන්තුවේ දොර වැසෙයි
ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා.
ඒ එම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්රීවරුන්ටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් විරෝධතාවල නිරතවීම හේතුවෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බවයි.
ඊයේ දිනයේ ද මෙම මන්ත්‍රීවරු විරෝධතාවයේ නිරත වුණා.
ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 78 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා.
එම තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අද දිනයේ විරෝධතාවයේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඔවුන්ගේ ද පාර්ලිමේන්තු කටයුතු අද (19) අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.