උසස් පෙළ උපකාරක පන්ති ගැන විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ උපකාරක පන්ති ගැන විශේෂ දැනුම් දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සම්බන්ධයෙ‍යෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන්.

ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් පැවැත්වීම දෙසැම්බර් 29 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම්වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.

මෙවර විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමටයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම්කර තිබෙන්නේ.