බදු ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තිය සමිති හතළිහක් පමණ මාස ගණනාවක් සිට ආදායම් බදු අඩුකරන ලෙස ඉල්ලා බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුවක් ලත් වෙනත් ශ්‍රේණීන් රට හැර යෑමට පෙළඹීම තුළින් අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.
2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 වර්ෂයේදී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වූ බවයි ඔහු පවසා සිටින්නේ.
මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.
බදු බර අඩු කිරීම මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන අතර එම නිවේදනය පහතින්.


