අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත

අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1,410,064කි.

ඒ අනුව පසුගිය ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ එම ප්‍රතිලාභී පවුල් වෙත ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 51,967කි.

අන්ත දිළිඳු පවුල් 303,199ක්, දිළිඳු පවුල් 606,496, අවදානමට ලක් වු පවුල් 290,624ක් හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වනවිට සිදුවෙයි.