ආබාධ සහිත අයටත් රියැදුරු බලපත්‍ර

ආබාධ සහිත අයටත් රියැදුරු බලපත්‍ර

මෙම මාසයේ සිට ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබාදීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසයි.

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස ද ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධිත සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලා තිබේ.

එම පෙරමුණ තවදුරටත් ඉල්ලා ඇත්තේ, ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ය.

මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට ආබාධිත සහිත පුද්ගලයන්ට අවස්ථාව දෙන බව ආබාධ සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම පැවසීය.

එම සංසදය පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ නිලධාරීහු ද මීට සහභාගි වූහ.

COMMENTS