උසස් පෙළ විභාගයට පෙර සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහනක්

දිවයිනේ සියලුම පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අධ්‍යනය පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් සඳහන් කළේ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ උපදෙස් පරිදි උසස් පෙළ පැවැත්වෙන පාසල්වල මෙම ඩෙංගු මර්දන වැඩසටන ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කරන බවයි.
මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවයි එම සංගමයේ සභාපති පැවසුවේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතිනවා. ලැබුණු වර්ෂාපතනය මදක් අඩුවෙමින් පවතිනවා.උසස් පෙළ ජනවාරියේ ආරම්භ වෙනවා.ඒ අනුව මෙය දෙසැම්බර් 31 අවසන් කරනවා…” යනුවෙන්

