කොළඹ පැල්පත්වාසීන් 61000කට නිවාස ලබාදීමට නව වැඩපිළිවෙළක්

කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා සඳහන් කළේ, කොළඹ වතු 26ක පුද්ගලයින් 61000 කට අධික පිරිසක් ජීවත් වන බවයි.
ඔවුන්ට නිවාස ලබා දීම සඳහා නව යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් කළ අයවැයේදි සම්මත විය.
මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයින් විසින් නිවාස ඉදිකිරීමට නියමිතයි.
ඔවුන් ඒවායේ පදිංචි කරවීමෙන් අනතුරුව වතුවල ඉතිරි වන ඉඩ ප්‍රමාණය අයෝජකයින් සඳහා ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදෙන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ යෝජනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

