ඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතට

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහාවන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) ප්‍රකාශ කළා.
ඉන්ධන සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව කී තනුජා පෙරේරා මහත්මිය ගෑස් සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන සියයට 2.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරන බවයි ඇය සඳහන් කළේ.

