මත්ද්‍රව්‍ය භාවිතය නිසා රජයට බිලියන 237ක අලාභයක්

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මේ වසරේදී රුපියල් බිලියන 237ක සෞඛ්‍ය හා ආර්ථික හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ උපදේශක පුබුදු සුමනසේකර පවසා තිබෙනවා.
මේ බව අනාවරණය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කළ අධ්‍යයනයකට අනුවයි.
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ උපදේශක මේ බව පවසා ඇත්තේ පසුගියදා කොළඹදී සංවිධානය කළ සාකච්ජාවකට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සෑම වසරකම රජය මධ්‍යසාරවලින් ලබන ආදායමට වඩා වැඩි වියදමක් ඒවා පරිභාජනයෙන් ඇති වන ප්‍රතිවිපාක වෙනුවෙන් වැය කරන බවයි.

