සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය සඳහන් කරනවා .
මීට අමතරව මහනුවර සිට මෙම පුණ්යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසනවා
2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15
කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15
පොල්ගහවෙල පිටත්වීම පෙ.ව. 09.40
අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10
2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30
පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30
කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10
බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20



