රිය අනතුරකින් පසු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ රථයට ප්‍රහාරයක්

රිය අනතුරකින් පසු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ රථයට ප්‍රහාරයක්

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදු කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජිප් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් අද (29) පෙරවරුවේ මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු ව තිබිණි.

අදාළ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා ද ජිප් රථය තුළ සිට ඇති අතර, අනතුරත් සමඟ මෝටර් රථයේ රියදුරු විසින් ජීප් රථයට සහ එහි සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහර දී ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු සහ පහරදීම සිදු කළ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනාම අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසයි.

COMMENTS