ඉහළ යන ලෝක ජනගහනය

ඉහළ යන ලෝක ජනගහනය

2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය වී තිබෙනවා.

අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 ජනවාරි මස පළමු වැනි දා වන විට බිලියන 08ක පිරිසක් ලොව පුරා ජීවත් වනු ඇති බවයි.

2023 දී ලෝක ජනගහන වර්ධන වේගය සියයට 1කටත් අඩු අගයක්.

2024 වර්ෂය ආරම්භය වන විට සෑම තප්පරයකටම උපත් 4.3ක් වාර්තා වන විට මරණ 02ක් සිදු වීම අපේක්ෂා කෙරෙන බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වර්ෂයේ දී අමෙරිකාවේ ජනගහන වර්ධන වේගය සියයට දශම 5.3ක් ලෙස සටහන්ව ඇති අතර, 2023 තුළ එරට ජනගහනය මිලියන 1.7කින් වර්ධනය වී තිබෙනවා.