පොලිස් සැරයන්වරයෙකුට ජීවිතය අහිමි කළ වැලිගම වෙඩි තැබීම

පොලිස් සැරයන්වරයෙකුට ජීවිතය අහිමි කළ වැලිගම වෙඩි තැබීම

වැලිගම – පැලෑන – ජඹුරේගොඩ ප්‍රදේශයේ අද (31) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ වෙඩි තැබීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ද තුවාල ලබා ඇති බවයි.

මෙම නිලධාරින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙන්නේ වැටලීමක් සඳහා ගොස් සිටිය දී යි.

වැලිගම – පැලෑන – ජඹුරේගොඩ ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.