මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්

මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කාලසටහන අද (01) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 5.25 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේද ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඊට අමතරව සතියේ දිනයන්හි රාත්‍රි 8.35 ට මරදානේ සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය අද (01) සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇති බව සඳහන් වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පස්වරු දෙකට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය පස්වරු 1.55 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි.