මත්පැන් සහ දුම්වැටි ගාස්තු සංශෝධනය ගැසට් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව සුරාබදු සංශෝධනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
සුරාබද්ද සහ වැට් බද්ද ඉහල දැමීමත් සමඟම මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ දමනු ලැබුවා.
දුම්වැටියක මිල කාාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබෙන අතර, ඒ අනුව රුපියල් 05, 15, 20 සහ 25ක් වන ලෙස මිල ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන්ද ඉහළ දමා ඇති බව ඩිස්ටිලරිස් සමාගම ප්‍රකාශ කළා.
ඒ අනුව මිලිලීටර් 750 හේ මත්පැන් බෝතලයක් රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර, මිලිලීටර 375 සහ මිලිලීටර 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50 කින් සහ රුපියල් විස්සකින් ඉහළ නංවා තිබෙනවා.

