ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි වීමක් නැහැ

ඩීසල් මිල ඉහළ දැමුවද බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
අද (01) සිට ක්රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් ඉහළ දැමූ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ ජාතික බස් ගාස්තු ප්රතිපත්තියේ මිල සූත්රයට ගැලපූ විට සමස්ත කිලෝමීටර් 1ක ධාවන පිරිවැය ඉහළ ගොස් ඇත්තේ සියයට 2.01 කින් පමණක් බැවින් බස් ගාස්තු ඉහළ නොදමන බවයි.
අවසන් වරට බස්ගාස්තුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 03 වනදා සංශෝධනය කෙරුණා.


