ගිය අවුරුද්දේ ලංකාව බලන්න ආපු අය

2023 වසරේදී මෙරටට සංචාරකයින් 1,487,303ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා
ඉන් 210,352ක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයයේදීයි
2022 වසරේදී සංචාරකයින් 719,978ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්.
ඒ අනුව 2022ට සාපේක්ෂව 2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණනේ වර්ධනය 106.6%ක්.
2023 දෙසැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 210,352 ක් වූ අතර එය පසුගිය වසර හතර තුළ මාසයක වැඩිම පැමිණි සංචාරක සංඛ්‍යාව ද වේ. එය 2022 දෙසැම්බර් (91,961) හා සසඳන විට 128.7% ක වැඩිවීමක්.


