ශ්රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුමැතිය

යෝජිත ශ්රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ එකඟතාවයන් ක්රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ගිවිසුම යටතේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංවේදී ලැයිස්තුවේ වර්ගීකරණය කරන ලද යෝජිත වර්ගීකරණ සංකේතාංක මත අදාළ වන සමුච්චිත තීරු බදු වලින් සියයට 50ක් ගිවිසුම බලාත්මක වූ දින සිට දින 16ක් වන වසර ආරම්භයේදී එකවර ඉවත් කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කිරීමටත් ඒ අනුව තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි කාලසීමාව වසර 18 සිට වසර 16 දක්වා අඩු කිරීමටත් 9 වන සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයට පත්ව තිබෙනවා.

