අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් සඳහා වැට් බදු නැහැ – බන්දුල ගුණවර්ධන

අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් සඳහා වැට් බදු අය කරන්නේ නැතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඊයේ (02)රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ඔහු ඒ බව ප්‍රකාශ කළා
බොහෝ ජනතාවට මෙම වැට් බදු අයකිරීම සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නා .
සහල්, තිරිගු, තිරිගු පිටි, ළදරු කිරි පිටි, බටහිර ඖෂධ, දේශීය ඖෂධ, එළවළු, පළතුරු, තේ,රබර් වැනි පරිභෝජන භාණ්ඩ සඳහා වැට් අය කර නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
බොහෝ ජාවාරම්කරුවෝ මේ පිළිබඳව වංචා කරමින් භාණ්ඩ වල මිල වැඩි කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.
එවැනි පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැට් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත් වූවා.මීට වසරකට පෙර ජනතාව හිටියේ මීට වඩා විශාල පීඩනයක. ගෑස් ටැංකි බයිසිකලේ බැඳගෙන ගිය දර්ශන මාධ්‍ය වල ප්‍රචාරය වුණා. මහල් නිවාස වල ජීවත් වුණ ජනතාව විදුලිය නැතිව විශාල අපහසුතාවයට පත් වුණා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විශේෂ ගිවිසුමකට එළඹුනා. අපි ජනතාවගේ පීඩනය ගැන නොදැන වැට් ගලපලා නැහැ. කුමන රජයක් ආවත් මේ කොන්දේසි වලට යටත් වීමට සිදුවෙනවා. මෙය නිත්‍යානුකූලව එකග වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මී ළග නිරීක්ෂණය සඳහා පැමිණි විට ප්‍රථමයෙන්ම සහන සළසන්නේ , මෙම ජීවන අරමුදල අඩු කිරීම සඳහා වන වැට් සංශෝධන වලට. බොහෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා බදු නැහැ. වැට් කියන්නේ Value added Tax’. අගයක් එකතු වුණොත් පමණයි වැට් එකතු වෙන්නේ. තේ දළු කැඩුවට වැට් එකතු වෙන්නේ නැහැ.15%ක තිබූ වැට් එක 3%කින් පමණයි වැඩි වී තිබෙන්නේ. ගින්දර අවුලවන්න ලේසියි. මෙම අයිඑම්එෆ් වැඩපිිළවෙළ ක්‍රියාත්මක නොවුනොත් මුළු රටම ගිනි අවුලවන්න ලේසියි. යනුවෙන්

