විදුලිබිල අඩුකිරීමේ යෝජනාව ලබන සතියේ කොමිසමට

විදුලිබිල අඩුකිරීමේ යෝජනාව ලබන සතියේ කොමිසමට

විදුලිබිල අඩුකිරීමට අදාළ යෝජනා ලබන සතියේ විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එසේම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීමට අදාළ කෙටුම්පත සංශෝධන සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම සේවාවලට බාධා කරන හෝ කළමනාකාරිත්වයේ මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේ.

COMMENTS