වයඹ පළාතේ ගුරුවරුන්ට චක්‍රලේඛයක්

පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම සම්බන්ධයෙන් වයඹ පළාතේ ගුරුවරුන් සඳහා චක්‍රලේඛනයක් නිකුත්කර තිබෙනවා.
එම චක්‍රලේඛනයේ සඳහන්වෙන්නේ වයඹ පළාත් පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මෙම චක්රලේඛණය නිකුත්කර තිබෙනවා.
මෙම චක්‍රලේඛය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙන අතර මෙය කඩකරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බවයි එම චක්‍රලේඛනයේ සඳහන් වෙන්නේ.
තම පන්තිවලට සහභාගී නොවන සිසුන් වෙත පාසල් පංතිකාමරයේදී එල්ල වන පීඩාවන් පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

