ගාල්ල බන්ධනාගාරයේ කටයුතුවලට සීමා

ගාල්ල බන්ධනාගාරයේ කටයුතුවලට සීමා

2024.01.03 දින ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis (මොලේ උණ) රෝගය මත මියගිය බව තහවුරු විම නිසා ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සිමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන් අනුව පියවර ගෙන තිබෙනවා.

ගාල්ල බන්ධනාගාරයට ගෙනඑනු ලබන නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමගේ නියෝග මත තීරණය කර ඇති අතර අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේ.

COMMENTS