තෛපොංගල් සැමරුමෙන් පසු රාජ්ය සේවකයන්ට සහනයක්

මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව, ජනාධිපතිවරයා පවසනවා.
ජනපති මේ බව සඳහන් කළේ යාපනය හා කිලිනොච්චි දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවයි එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර, 2025 දී එය 5%ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය තිබෙනවා.

