පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට TIN අනිවාර්යයි

ලබන පෙබරවාරි මාසයේ සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.
ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි.
එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

