අලුත විවාහ වූ අය ළමයි හදන්න කැමති නෑ

අලුත විවාහ වූ පිරිස් දරුවන් හැදීමේ අඩුවක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.
සිදුකරන ලද සමීක්ෂණයකදී මේ පිළිබඳව අනාවරණය වී ඇති අතර විවාහ නොවී ලිවින් ටුගෙදර් සිටින්නන්ගේ ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2012 සිට 2023 ජුනි දක්වා දත්ත පිළිබඳව අවදානය යොමු කිරීමේදී නව දරු උපත් ලක්ෂයකට වඩා අඩු ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
2013 සිට ගත්විට මෙරට නව දරු උපත් ලියපදිංචියේ සීඝ්‍ර ලෙස අඩුවීමක් දක්නට ලැබෙන්නේ 2023 වසරේදී යි.
ඒ අනුව 2013 වසරට සාපේක්ෂව 2023 වසරේ නව දරු උපත් 83,530ක් අඩු වී ඇති අතර 2013 ට සාපේක්ෂව 2022 වසරේදී නව දරු උපත් ලියාපදිංචිය 62,587 කින් අඩුවී ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන් ම 2013ට සාපේක්ෂව 2021 වසරේ දරු උපත් ලියාපදිංචිය 57032කින් අඩුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

