ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලක්ෂ 500 ක්

දැනට අතරමග නතර වී ඇති මාර්ග සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මාහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව ග්‍රාමීය මාර්ගවල සංවර්ධනය උදෙසා රුපියල් ලක්ෂ 500 ක් වෙන් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම මෙම වසර තුළදී මාර්ග කිලෝමීටර් 1,500 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමටද තීරණය කර තිබෙනවා.

