රතු මුහුද නිසා මෙරට වරායන් තර්ජනයක – ජනපති

ජනපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බවයි.
මහා පාරාක්රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙයයි.
ජනාධිපති මෙම අදහස් පළ කළේ ඇමතිවරු කිහිපදෙනෙකු අද පෙරවරුවේ හමු වූ අවස්ථාවේදී යි.
මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.
රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීම පිළිබඳව සමාජයේ මේ වන විට දැඩි කතාබහක් ගොඩනැගී තිබෙනවා.
ජනපති සඳහන් කරන්නේ රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැය වන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත්, මෙරටට නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදු වන බවයි.
ජනාධිපති පේනවා දෙන්නේ රතු මුහුදට ලංකාවේ යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂව සැපයීමට මිසක රාජ්‍යන් අතර තිබෙන යුද්ධයන්ට සහායදීමට නොවන බවයි.
හූති සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බව ජනපති පවසනවා.
මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මඟ බලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
හූති වැඩ කටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව ජනාධිපති වැඩිදුරටත් පවසනවා.

