ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගට දැන්වත් සාධාරණයක් ඉටු විය යුතුයි

මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගට යුක්තිය ඉටු කරන බවට පසුගිය වසර කිහිපයේම මැතිවරණ සමයේ විවිධ දේශපාලනඥයන් පොරොන්දු වුවත් එම දේශපාලන නායකයන් ලසන්ත වික්රමතුංගට සහ එම පවුලට ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් එම යුතුකම ඉටු නොකළ බවත් එය ලැජ්ඡා සහගත බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
සිය ජීවිත කාලය තුළ ප්රශස්ත ප්රබුද්ධ මාධ්‍යවේදියකු ලෙස සුවහසක් ජනතාවට සත්‍ය සහ ඇති තතු හෙළි කරන්න කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඔහුගේ ජීවිතය පුජා කරන්න සිදු වූ බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.
එසේම වත්මන් ජනාධිපතිවරයාව, ජනාධිපති කිරීමට විවිධ අවස්ථාවල දී විවිධ දායකත්වය ලබා දුන් ලසන්ත වික්රමතුංගට සහ ඔහුගේ පවුලට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඔහුගේ ඝාතකයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර ඔවුන් නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර දෙන ලෙසත් නීතියේ ආදිපත්‍ය සුරකීම ජනපතිගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පේනවා දෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (8) යෙදී තිබුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ 15 වැනි ගුණසමරුව නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

