නාගපට්ටනම් – කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹේ

නාගපට්ටනම් – කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹේ

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ඉන්දියාවේ නාගපටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ මගී ප්‍රවාහන නෞකා සේවය ලබන මස 01 වනදා සිට යළි ආරම්භ කෙරෙනවා.

ඉන්දියාවේ ශිවගංගි නැව් සේවාව ඒ පිළිබඳව නිවේදනය කර ඇති අතර මීට පෙර මෙම නැව් සේවාව චෙරියපානි නැව් සමාගම විසින් සිදු කරනු ලැබුවා.

ලබන මස 01 වනදා පෙරවරු 08.00 ට ඉන්දියාවෙන් ගමන් ආරම්භ කරන ශිවගංගි මගී නෞකාව එදින පෙරවරු 11.45 ට පමණ කන්කස්න්තුරේ වෙත පැමිණීමට නියමිතයි.

මගීන් 150කට යා හැකි මෙම නෞකාවෙන් එක් මගියෙකුගෙන් රුපියල් 26,000 ක් ගාස්තුවක් අය කෙරෙන අතර එහි ගමන් ගන්නා මගීන්ට ලබන 15 වනදා සිට යාපනයේ ස්ථාන 03කදී ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි වෙනවා.