VAT නිසා වාහන සහ අමතර කොටස් මිලත් ඉහළට

පරිහරණය කරන මෝටර් රථ වැට් බද්දට යටත් කිරීම නිසා ඒවායේ මිල 18%කින් ඉහළ දැමීමට සිදුව ඇති බව සිලෝන් මෝටර්
ට්‍රේඩර්ස් ඇසෝසියේෂන්හි සභාපතිවරයා පවසා තිබෙනවා.
එසේම මෝටර් රථ අමතර කොටස් සඳහා 15%ක්ව පැවති වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීම හේතුවෙන් අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බවයි හිරු ප්රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

