අප්‍රිකාවේ සාම සාධක මෙහෙයුම්වලට ගිය හෙලිකොප්ටරයක් අනතුරට ලක්වේ

අප්‍රිකාවේ සාම සාධක මෙහෙයුම්වලට ගිය හෙලිකොප්ටරයක් අනතුරට ලක්වේ

මධ්‍යම අප්‍රිකාවේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණය තත්ත්වයක් හේතුවෙන් සිදු කළ ගොඩබෑමක දී අනතුරකට ලක් වී තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ කියා සිටියේ අනතුරින් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි.

කෙසේ වෙතත් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

COMMENTS