තේ වගාවට භාවිත කරන පොහොර මිටියක මිල පහළට

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු මිලකට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග අද (12) පැවැති සාකච්ඡාවකින් පසුවයි
මේවන විට තේ වගාව සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා මිලක පවතිනවා.
පොහොර මිටියක මිල ඉහළ අගයක පැවතීම හේතුවෙන් වගාකරුවන් පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතින අතර මේ හේතුවෙන් තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇති බව සඳහන්.

