ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස සටන අද ඇරඹේ

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක පන්දුවාර විස්ස තරගයකදී මෙලෙස හමුවන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයක්.

අවසන් වරට 2012 විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග වැදුණු අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 82ක ජයක් අත්කරගත්තා.

එමෙන්ම මේ දක්වා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පවත්වා ඇති විස්සයි විස්ස තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

වනිඳු හසරංග විස්සයි විස්ස නායකත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය ද මෙයයි.

COMMENTS