කවුරු මොනා කිව්වත් යුක්තිය නතර කරන්නේ නැහැ – ටිරාන් අලස්

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමේ මෙහෙයුම් වලට එරෙහිව මෙරට සිටින ඇතැම් සංවිධාන සහ පුද්ගලයින් ජාත්‍යන්තරයට පැමිණිලි කළ ද කිසිදු අවස්ථාවක යුක්තිය මෙහෙයුම නතකර නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ ඊයේ (14) පැවති වැටසටහනකට එක්වෙමින්.
එම අවස්ථාවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද එක්ව සිටියා.

