පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තවමත් තීරණයක් නැහැ

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තවමත් තීරණයක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සඳහන් කළේය.

ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන බවත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කර තිබුණ ද එම පක්ෂයේ අපේක්ෂකයා නම් කර නොමැති බවත් ඒ මහා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

‘සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක’ යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනහමු මාලාව යටතේ තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේදී පැවැති ජන හමුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එසේ පැවසීය.

COMMENTS