මාලදිවයිනෙන් හමුදාව ඉවත් කර ගන්නැයි ඉන්දියාවට දැනුම් දෙයි
මාලදිවයින සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගෙන ඇති මොහොතක තම රටේ රැදී සිටින ඉන්දීය හමුදා ලබන මාර්තු 15 වන විට ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින රජය ඉන්දියාවට දැනුම් දී තිබෙනවා.
ඒ මාලේ අගනුවර ඊයේ පැවති දෙරටේ නිලධාරී මට්ටමේ සාකච්ජාවකදීයි.
ඉන්දීය හමුදාවේ 80 දෙනෙකු මාලදිවයිනේ රැදී සිටින්නේ ඉන්දීය රජය විසින් මීට වසර ගණනාවකට පෙර මාලදිවයිනට පරිත්‍යාග කළ හෙලිකොප්ටර් 02 ක සහා ඩ්‍රෝණ යානයක නඩත්තු හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම සදහායි.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ මතභේදයක් ඇති වුයේ මාලදිවයිනේ අමාත්‍යවරුන් පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ත්‍රස්තවාදියෙකු ලෙස හදුන්වමින් සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි.