අලුත් QR කේතයක්

ත්‍රීරෝද රථ රියැදුරන් ලෙස දැනට කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුළදී නව කේතය හඳුන්වාදීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ත්රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (16) දින එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලබුවා.
එමෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

