තායිවානයේ නව ජනාධිපතට ජපානයේ සුබ පැතුම චීනය හෙළා දකී

තායිවානයේ නව ජනාධිපතට ජපානයේ සුබ පැතුම චීනය හෙළා දකී

තායිවානයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ විලියම් ලායිට ජපානය සුබ පැතුම් එක් කරමින් කළ ප්‍රකාශයක් චීනය හෙළා දැක තිබෙනවා.

ජපාන විදේශ ඇමති යොකෝ කමිකාවා නව තායිවාන ජනපතිට සුබ පතමින් කළ ප්‍රකාශයේ තායිවානය ස්වයං පාලනයකට හිමිකම් කියන දිවයිනක් ලෙසත්, අතිශය තීරණාත්මක හවුල්කරුවෙකු හා වැදගත් මිතුරෙකු ලෙසත් දක්වා තිබුණා.

ජපානයේ චීන තානාපති කාර්යාලය එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ලායිගේ ජයග්‍රහණය ගැන සඳහන් නොකර ජපාන විදේශ ඇමති යොකෝ කමිකාවා සිදු කර ඇති එම ප්‍රකාශය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් බවයි.

COMMENTS