එළවළු මිල ගණන් ඉදිරි කාලයේදීත් ඉහළට

එළවළු මිල ගණන් ඉදිරි කාලයේදීත් ඉහළට

ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ එළවළු වගාබිම් රැසකට හානි වී තිබීම නිසා එළවළු මිල ගණන් ඉදිරි කාලයේ දීත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑමයක තොග මිල ඊයේ වන විට රුපියල් දෙදහස් පන්සීය දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක නුවරඑළියේ ගොවීන් තම අස්වනු ගොවි බිම්වල සිටම අඩු මිලට අලෙවි කරනු දක්නට ලැබිණි.

මිල එලෙස ඉහළ යද්දී අද ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග ප්‍රමාණයේ අඩුවක් ද දක්නට ලැබී ඇත.

මෙම තත්ත්වය හමුවේ බදුල්ලේ වෙළෙඳුන් එළවළු සිල්ලර වෙළෙඳාමෙන් ඉවත් වී ඇති අයුරු දක්නට ලැබිණි.

මේ අතර, අධික වර්ෂාවත් සමඟ නුවරඑලියේ එළවළු වගාබිම් රැසක් හානි වීම නිසා අස්වනු අධික ලෙස පහත වැටීම මෙලෙස එළවළු මිල ඉහළ යාමට හේතුව බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පෙන්වා දෙයි.

.