ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය එස්. ශ්‍රීධරන්ට

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් තේරී පත්වී තිබෙනවා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අද (21) පෙරවරුවේ ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන රැස්වීමකදී රහස් ඡන්දයක් පැවැත්වුණා.
එහිදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, එස්.ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේෂ්වරන් තරග වැදුණා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂ ඉතිහාසයේ සභාපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවති පළමු අවස්ථාවද මෙයයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ලබන 28 වනදා පැවැත්වෙන පක්ෂ මහ සම්මේලනයේදී නව නායකයා ලෙස ප්‍රකාශයට පත්කරනු ඇති බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියේ.
එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුවයි මෙලෙස නව නායකයෙකු තෝරා පත් කර ගනු ලැබුවේ.

