උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යා හැකියි

උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යා හැකියි

වැට් බදු සංශෝධන හේතුවෙන් මේ මාසයේ උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එමෙන්ම බැංකු ණය පොලිය තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි මහ බැංකුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියාසිටියේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස්වුණු අතර එහිදී තීරණය කර ඇත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමටයි.

මේ අතර මෙරට දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 4.4 දක්වා වැඩිවී ඇති බවයි මෙහිදී හෙළිකෙරුණේ.

COMMENTS