“අවලෝකිතේශ්වර” යළි රිමාන්ඩ්

“අවලෝකිතේශ්වර” යළි රිමාන්ඩ්

‘අවලෝකිතේශ්වර’ යැයි කියාගත් පුද්ගලයා 2024 පෙබරවාරි 7 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය 15 වනදා අත්අඩංගුවට ගත් සැකකරු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගියදා නියෝග කළේ අද දිනයට පෙර මෙම පුද්ගලයා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුවයි ඊයේ මොහුව වෛද්‍යවරුන් පරීක්ෂාවට ලක් කළේ.

මේ අතර බුදුදහම විකෘති කරමින් දේශනා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ අවලෝකිතේෂ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු සම්බන්ධයෙන් සිදුකළ මානසික වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අද (24) අධිකරණයට ලබාදීමට නියමිතව තිබුණා.

ඊයේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඔහුව බන්ධනාගාර රෝහලේදී පරීක්ෂාවට ලක් කළ බවයි වාර්තා වූයේ.

COMMENTS