ඔන්ලයින් පනත මර්දනයට ගෙනාපු එකක් – පාඨලී

ඔන්ලයින් පනත මර්දනයට ගෙනාපු එකක් – පාඨලී

සමාජ මාධ්‍ය නියාමන පනත නියාමනය සඳහා ගෙන ආ පනතක් නොව මර්දනය සඳහා ගෙන ආ පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුව පළමුවෙන් කළ යුත්තේ බදු ආදායම එකතු කර ගැනීම සඳහා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම බවත් ඊළඟට ඩිජිටල්කරණය හරහා විදේශ ආදායම ඉහළ නංවා ගැනීම කළ යුතු බවත් ඒ මහතා කීය.

ඩිජිටල්කරණය හරහා විදේශ ආදායම ඉහළ නංවා ගැනීමට සමාජ මාධ්‍ය නියාමන පනත බාධාවක් බව ද කී රණවක මහතා සමාජ මාධ්‍ය නියාමන පනත විරෝධය දක්වන බව ද සඳහන් කළේය.