රස කැවිලි කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය

රස කැවිලි කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය

රස කැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන හෝටලයක පැවති මෙරට රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු, බදු පදනම මත ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායිතා කොමිසම ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම රැස්වීමේදී ප්‍රකාශකර තිබෙනවා.

COMMENTS